• LOLC Development Finance - About Us

    අප ගැන LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්

    Explore

අප ගැන

  • LOLC Development Finance - About Us

    LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පිළිබඳව

    මින් පෙර BRAC Lanka Finance PLC ලෙස හඳුන්වන ලද LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී, 2004 වර්ෂයේදී ආරම්භ කරන ලද්දේ විධිමත් මූල්‍ය අංශය විසින් නොසලකා හරින ලද ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ණය ක්ෂේත්‍රයේ අවම කොටසෙහි ජීවනෝපාය නංවාලීමේ අරමුණෙනි. LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ වැඩිම කාන්තා සහභාගිත්වයක් සහිත ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි. සමාගම දැන් ක්ෂුද්‍ර මූල්‍ය ණය වල සිට කුඩා හා මධ්‍ය පරිමාණ ණය, නිවාස වැඩිදියුණු කිරීමේ ණය, ස්ථාවර තැන්පතු සහ ලීසිං වැනි සුවිශේෂී පුද්ගලික මූල්‍ය විසඳුම් ඇතුළත් කිරීම සඳහා සිය සේවා පරාසය පුළුල් කර ඇත.

  • LOLC Development Finance - About Us

    LOLC පිළිබඳව

    LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්, ගෝලීය ව්‍යාප්තිය සහිත පුළුල් ලෙස විවිධාංගීකරණය වූ ප්‍රමුඛ සමාගම් පවුරක් වන LOLC සමූහයේ අනුබද්ධිත ආයතනයකි. LOLC සමූහයේ ආයෝජන කළඹ අද මූල්‍ය සේවාවන්හි සිට විවේක - සංචාරක, වතු වැවිලි, වෙළඳ හා නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්තිය සහ වෙනත් උපායමාර්ගික ආයෝජන දක්වා පුළුල් පරාසයක් ආවරණය කරයි. දේශීය මූල්‍ය කර්මාන්තයේ ගෘහස්ථ නාමයක් බවට පත්ව ඇති LOLC, ශ්‍රී ලංකාවෙන් ඔබ්බටද සාර්ථක ලෙස ව්‍යාප්ත වී ඇති අතර, ආසියානු හා අප්‍රිකානු රටවල් රැසක දහස් සංඛ්‍යාත ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි. LOLC සමූහය සිය පුළුල් පියසටහන් ඔස්සේ ශක්තිමත් කලාපීය මූල්‍ය සමූහයක් ලෙස පූර්ණ වශයෙන් ස්ථාපිත වී ඇති අතර, අනාගතයේදී බහු මූල්‍ය, බහු භූගෝලීය, ක්ෂුද්‍ර මූල්‍ය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වේදිකාවක් සහිත ගෝලීය මූල්‍ය පෙර ගමන්කරුවෙකු බවට පත්වීමට සූදානම්ව සිටී.

  • දැක්ම ප්‍රකාශනය

    පාරිභෝගික කේන්ද්‍රීය, නවෝත්පාදන හා පුළුල් පදනමක් සහිත මූල්‍ය විසඳුම් සහකරුවෙකු වීම

  • මෙහෙවර ප්‍රකාශනය

    • ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර කාර්යක්ෂමව හා ලාභදායී ලෙස ආක්‍රමණශීලීව මෙහෙයුම් සිදුකරමින් ව්‍යාප්ත වීම.
    • උසස් තත්වයේ නව්‍ය නිෂ්පාදන සහ සේවාවන් සංවර්ධනය කිරීම සහ පිරිනැමීම.
    • සැලකිය යුතු වර්ධන හැකියාවක් සහිත ව්‍යාපාර සහ වෙළෙඳපොල සොයායමින් වර්ධනය කිරීම.
    • බෙදා හැරීමේ මාර්ගයන්හි ආයෝජනයෙන් ඉලක්කගත පාරිභෝගිකයාට පහසුවෙන් සේවාවන් ලබා ගත හැකි ලෙස සැකසීම.
    • අපගේ ප්‍රජාවන්හි ජීවන තත්වය ඉහල නැංවීමට දායක වීම.
    • වර්ධන අභිලාෂයන්ට සහාය වීම සඳහා “හොඳම -උත්පාදන” මෙහෙයුම් වේදිකාවක් සැකසීම.
    • වර්ධනය සඳහා අවස්ථාවන් සපයන අභියෝගාත්මක සහ ප්‍රතිලාභ සහිත සේවා පරිසරයක් ඇතිකිරීම.
    • සමාගම විශ්වාසදායී ගෘහස්ථ මූල්‍ය වෙළඳ සන්නාමයක් බවට පරිවර්තනය කිරීම.
    • LOLC Development Finance
      ඩබ්ලිව්. කේ. ජයවර්ධන මහතා
      (විධායක නොවන සභාපති)

      කපිල ජයවර්ධන මහතා මූල්‍ය කළමනාකරණය පිළිබඳ MBA උපාධියක් හිමිකරගෙන ඇති අතර බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු මෙන්ම, ලන්ඩනයේ පිරිවැය හා විධායක ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකි. ඔහු 1998 සිට 2007 දක්වා සිටිබෑන්ක් NA හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධානියා සහ ප්‍රධාන විධායක නිලධාරී වරයා ලෙස සේවය කළේය.

      වැඩිදුර කියවන්න

      කපිල ජයවර්ධන මහතා මූල්‍ය කළමනාකරණය පිළිබඳ MBA උපාධියක් හිමිකරගෙන ඇති අතර බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු මෙන්ම, ලන්ඩනයේ පිරිවැය හා විධායක ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකි. ඔහු 1998 සිට 2007 දක්වා සිටිබෑන්ක් NA හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධානියා සහ ප්‍රධාන විධායක නිලධාරී වරයා ලෙස සේවය කළේය.

      ආයෝජන බැංකුකරණය, බැංකු මෙහෙයුම්, විගණනය, සම්බන්ධතා කළමනාකරණය, ආයතනික මූල්‍ය, ආයතනික බැංකු හා භාණ්ඩාගාර කළමනාකරණය ආදී ක්ෂේත්‍රවල විවිධ අත්දැකීම් ලබා ඇති කපිල ජයවර්ධන මහතා පහත සඳහන් මණ්ඩල සහ කමිටුවලද සේවය කළේය.

      • ⦁ ශ්‍රී ලංකා බැංකු සම්මේලනයේ (SLBA) සභාපති (2003/04)
      • ⦁ ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපති (2006/2007)
      • ⦁ මූල්‍ය අංශ ප්‍රතිසංස්කරණ කමිටුවේ (FSRC) සාමාජික
      • ⦁ ජාතික ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික මණ්ඩලයේ (NCED) සාමාජික
      • ⦁ එක්සත් ජනපද - ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

      කපිල ජයවර්ධන මහතා 2007 වසරේදී සමූහ කළමණාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි ලෙස LOLC හා එක්වූ අතර පහත සඳහන් සමාගම් සහ LOLC සමූහයේ අනුබද්ධ සමාගම්වල සභාපති / අධ්‍යක්ෂවරයාද වෙයි.

      සභාපති

      • ⦁ ඊඩන් හෝටල් ලංකා පීඑල්සී.
      • ⦁ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්
      • ⦁ LOLC සෙකියුරිටිස්  ලිමිටඩ්
      • ⦁ පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සී.

      අධ්‍යක්ෂ

      • ⦁ ඊඩන් හොටෙල් ලංකා පීඑල්සී.
      • ⦁  LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී
      • ⦁ බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පීඑල්සී.
      • ⦁ රිවරිනා රිසෝට්ස් (පුද්ගලික) සමාගම
      • ⦁ LOLC ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම
      • ⦁ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී.
      • ⦁ LOLC ඇඩ්වාන්ස් ටෙක්නොලොජීස් (පුද්ගලික) සමාගම
      • ⦁ LOLC ඒෂියා (පුද්ගලික) සමාගම
      • ⦁ LOLC (පුද්ගලික) සමාගම
      • ⦁ සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් (පුද්ගලික) සමාගම
      • ⦁ LOLC ඇෆ්රිකා හෝල්ඩිංස් (පුද්ගලික) සමාගම
      LOLC Development Finance
    • LOLC Development Finance
      ඩබ්ලිව්. ඒ. ආර්. කුමාර මහතා
      (විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී)

      රෝහණ කුමාර මහතා 1998 වසරේදී LOLC සමූහයට එක්වූ අතර එතැන් සිට ඔහු LOLC සමූහය තුළ තනතුරු කිහිපයක් දැරීය. සිය වෘත්තීය ජීවිතයේදී ඔහු ණය, මෙහෙයුම්, තැන්පතු බලගැන්වීම, අලෙවිකරණය, ශාඛා කළමනාකරණය සහ ක්ෂුද්‍ර මූල්‍ය යන ක්ෂේත්‍රවල පුළුල් අත්දැකීම් ලබා ඇත. ඔහු LOLC මයික්‍රෝ ක්‍රෙඩිට් ලිමිටඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස වසර දෙකක් කටයුතු කළේය.

      වැඩිදුර කියවන්න

      රෝහණ කුමාර මහතා 1998 වසරේදී LOLC සමූහයට එක්වූ අතර එතැන් සිට ඔහු LOLC සමූහය තුළ තනතුරු කිහිපයක් දැරීය. සිය වෘත්තීය ජීවිතයේදී ඔහු ණය, මෙහෙයුම්, තැන්පතු බලගැන්වීම, අලෙවිකරණය, ශාඛා කළමනාකරණය සහ ක්ෂුද්‍ර මූල්‍ය යන ක්ෂේත්‍රවල පුළුල් අත්දැකීම් ලබා ඇත. ඔහු LOLC මයික්‍රෝ ක්‍රෙඩිට් ලිමිටඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස වසර දෙකක් කටයුතු කළේය.

      වර්තමාන වගකීම් වලට අමතරව, ඔහු ඉන්දුනීසියාවේ LOLC කළමනාකරණ / PT Sarana Sumut Ventura (SSV) සහ පාකිස්තානයේ Pak-Oman ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවේ අධ්‍යක්ෂවරයෙකි.

      රෝහණ කුමාර මහතා එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ MBA උපාධිධරයෙකු වන අතර එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු හා මූල්‍ය ඩිප්ලෝමාවක් ද හිමිකරගෙන තිබේ.

      LOLC Development Finance
    • Mr. A. J. L. Peiris
      ඒ. ජේ. එල්. පීරිස් මහතා
      ( ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ)

      ශ්‍රී ලංකා මහ බැංකුවේ (“CBSL”) අතිරේක අධ්‍යක්ෂ වරයෙකු ලෙස සේවය කොට විශ්‍රාම ගිය ලක්ෂ්මන් පීරිස් මහතාගේ මහ බැංකු වෘත්තීය ජීවිතය වසර 25 ක් පුරා විහිදෙයි. එහිදී ඔහු ආර්ථික පර්යේෂණ, කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානය, අධිපති කාර්යාලය (ප්‍රධාන කෙටුම්පත් නිලධාරී), ගෘහස්ථ මෙහෙයුම් සහ ගෙවීම් හා පියවීම් ඇතුළු මහ බැංකුවේ විවිධ දෙපාර්තමේන්තුවල සේවය කළේය.

      වැඩිදුර කියවන්න

      ශ්‍රී ලංකා මහ බැංකුවේ (“CBSL”) අතිරේක අධ්‍යක්ෂ වරයෙකු ලෙස සේවය කොට විශ්‍රාම ගිය ලක්ෂ්මන් පීරිස් මහතාගේ මහ බැංකු වෘත්තීය ජීවිතය වසර 25 ක් පුරා විහිදෙයි. එහිදී ඔහු ආර්ථික පර්යේෂණ, කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානය, අධිපති කාර්යාලය (ප්‍රධාන කෙටුම්පත් නිලධාරී), ගෘහස්ථ මෙහෙයුම් සහ ගෙවීම් හා පියවීම් ඇතුළු මහ බැංකුවේ විවිධ දෙපාර්තමේන්තුවල සේවය කළේය.

      පීරිස් මහතා ශ්‍රී ලංකාවේ කැලණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (භෞතික විද්‍යා) පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ඇති අතර එක්සත් රාජධානියේ රෙඩින් විශ්ව විද්‍යාලයෙන් කෘෂි ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ එක්සත්රා ජධානියේ වෝර්වික් විශ්ව විද්‍යාලයෙන් ප්‍රමාණාත්මක සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

      පීරිස් මහතා බැංකු නිෂ්කාශන සංගමයේ (CAB) උප සභාපතිවරයා ලෙසද සේවය කළේය. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ SEACEN මූල්‍ය සංඛ්‍යාන සම්බන්ධීකාරක ලෙසද කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා ආර්ථික සම්මේලනයේ සාමාජිකයෙකි. පීරිස් මහතා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ 2 වන ශ්‍රී ලංකා හමුදා සේවා බලකායට අනුයුක්තව බලලත් නිලධාරියෙකු ලෙස සේවය කර ඇත.

      LOLC Development Finance
    • LOLC Development Finance
      තමෝදරම්පිල්ලෙයි සනකන් මහතා
      (ස්වාධීන විධායක නොවන අධ්‍යක්‍ෂ)

      ඔහු විසි වසරකට වැඩි කාලයක් මුල්‍ය සේවා, වෙළෙඳ, නිෂ්පාදන, සෞඛ්‍ය සේවා සහ පාරිභෝගික ආදී කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක ඉහළ කළමනාකාරිත්ව තනතුරු දරා තිබේ. 

      වැඩිදුර කියවන්න

      ඔහු විසි වසරකට වැඩි කාලයක් මුල්‍ය සේවා, වෙළෙඳ, නිෂ්පාදන, සෞඛ්‍ය සේවා සහ පාරිභෝගික ආදී කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක ඉහළ කළමනාකාරිත්ව තනතුරු දරා තිබේ. මේ වන විට බ්‍රවුන්ස් සමාගම් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි ලෙස කටයුතු කරන ඔහු බ්‍රවුන්ස් ව්‍යාපාර ක්‍රමෝපාය මූල්‍ය විධානයන් මඟින් ලාභදායී, වර්ධනීය සහ තිරසරභාවයෙන් යුක්තව මෙහෙයවනු ලබයි. ප්‍රාග්ධන වෙළෙඳපොළ සමඟ කටයුතු කරන LOLC සෙකියුරිටීස් සමාගම පිහිටුවීමට ඔහු ඍජුවම දායක විය. මීට පෙර LOLC සෙකියුරිටීස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නීති සැකසුම් කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

      පරිවර්තන කළමනාකරණ, නවෝත්පාදන ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිසංවිධානය, ව්‍යාපෘති කළමනාකරණ සහ ක්‍රමෝපාය ව්‍යාපාර කළමනාකරණ යන අංශයන්හි ඔහු විශිෂ්ටත්වය පෙන්නුම් කර ඇත. එමෙන්ම ඔහු ඇසෝසියේටඩ් බැටරි මැනුෆැක්චර්ස් (සිලෝන්) ලිමිටඩ්, බ්‍රවුන්ස් ෆාමසියුටිකල්ස් ලිමිටඩ්, බ්‍රවුන්ස් ෆාමා ලිමිටඩ්, බ්‍රවුන්ස් හෙල්ත් කෙයා නිගම්බු (පුද්ගලික) සමාගම, බ්‍රවුන්ස් ලෙෂර් (පුද්ගලික) සමාගම, ස්නෝකෙම් ප්‍රොඩක්ට්ස් ලංකා (පුද්ගලික) සමාගම සහ ක්ලෙවන්බර්ග් (පුද්ගලික) සමාගම යන ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල වලද කටයුතු කරයි. ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකි.

      LOLC Development Finance
    • LOLC Development Finance
      සුනිල් ලංකාතිලක මහතා
      (විධායක නොවන - ස්වාධීන අධ්‍යක්ෂ)

      සුනිල් ලංකාතිලක මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකි. එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (MSc) උපාධියක සහ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇති ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව සහිතව වාණිජවේදී (B.Com) උපාධියක්ද ලබා ඇත. 

      Read More

      සුනිල් ලංකාතිලක මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකි. එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (MSc) උපාධියක සහ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇති ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව සහිතව වාණිජවේදී (B.Com) උපාධියක්ද ලබා ඇත. සුනිල් ලංකාතිලක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයේ කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව පිළිබඳ දර්ශනපති (M. Phil) උපාධිධරයෙකුද වෙයි.

      ලංකාතිලක මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික සහ මිල ස්ථායිතාව, මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ නියෝජිතායතන ක්‍රියාකාරකම් ආදී ක්ෂේත්‍රවල, වසර 32 කට වැඩි පළපුරුද්දක් ඇත. ඔහු 1986 වසරේ මහ බැංකුවට බැඳීමට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇත.

      ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 32 ක සිය වෘත්තීය ජීවිතය තුළ ලංකාතිලක මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වැනි කීර්තිමත් ආයතන මගින් පවත්වන ලද, සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික ආකෘති නිර්මාණය, මූල්‍ය වැඩසටහන්, වෙළඳ ප්‍රතිපත්ති, තරඟකාරිත්වය, ව්‍යාපෘති කළමනාකරණය, විදේශ ආයෝජන, උපාය මාර්ගික සැලසුම් සහ කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය සහ සන්නිවේදන ප්‍රතිපත්ති ආදී ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් රැසකට සහභාගී වී ඇත. එමෙන්ම ලංකාතිලක මහතා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ හිමිකම් රක්ෂණ අරමුදලේ කළමනාකරණ මණ්ඩලය, ජාතික කම්කරු උපදේශක කමිටුවේ සහ තවත් කමිටු කිහිපයක මහ බැංකුව නියෝජනය කරමින් කටයුතු කර ඇත.

      විශේෂයෙන් බැංකු සබඳතා, ආයෝජන ප්‍රවර්ධන, ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා යන ක්ෂේත්‍රවල රජයේ දූත මණ්ඩල සහ සාකච්ඡා කණ්ඩායම් කිහිපයකම ලංකාතිලක මහතා මහ බැංකුව නියෝජනය කරමින් සහභාගී වී ඇත. ඊට අමතරව ඔහු ආර්ථික ගැටළු, කුඩා පරිමාණ කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම, මැණික් කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය ආදී ක්ෂේත්‍ර ඔස්සේ කීර්තිමත් ජාත්‍යන්තර සහ දේශීය සඟරාවලට මෙන්ම මහ බැංකු ප්‍රකාශන සඳහා ලිපි රචනා කර තිබේ.

      ලංකාතිලක මහතා ව්‍යාපෘති කළමනාකරණය, ව්‍යාපෘති ඇගයීම, සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රවල විවිධ මට්ටම්වල, විවිධ වේදිකාවන්හි කීර්තිමත් සම්පත් දායකයෙකුද වේ. එමෙන්ම ආර්ථිකයේ පුළුල් කරුණු අරභයා විවිධ වැඩමුළු සහ සම්මන්ත්‍රණ සඳහා ඉදිරිපත් කිරීම් රැසක් සිදුකොට තිබේ.

      LOLC Development Finance