සාර්ථකත්වයේ දිගහැරුම
වසර ගණනාවක් පුරා, LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම විසින් රට පුරා බොහෝ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබේ. එම සාර්ථකත්වයේ කතා කිහිපයක් පහතින් දැක්වේ.
වසර ගණනාවක් පුරා, LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම විසින් රට පුරා බොහෝ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබේ. එම සාර්ථකත්වයේ කතා කිහිපයක් පහතින් දැක්වේ.
උදේනි මීට වසර හයකට පමණ පෙර සිය ව්‍යාපාරය ආරම්භ කළේ ඇයගේ මූල්‍ය තත්වය ඉතා දුෂ්කරව පැවති අවස්ථාවකදීය. ඇයට වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කාරක ප්‍රාග්ධනයක් නොතිබූ අතර බැංකු පහසුකම්ද ලබාගත නොහැකි විය. විසිතුරු මල් පැල වැවීමේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇයට හැකි වූයේ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ආයතනයේ සහයෙනි.ඇගේ ව්‍යාපාරයේ ආරම්භක කාරක ප්රාග්ධනය ලෙස LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ආයතනය රු. 15,000 ක කණ්ඩායම් ණයක් ලබාදුන් අතර එයින් ඇය පැල 500 ක් වැවීම ආරම්භ කළාය. ඉන්පසු වසර ගණනාවක් පුරා ඇය LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙතින් ණය පහසුකම් ලබාගත් අතර රු.350,000 ක පුද්ගලික ණය පහසුකමක්ද ඊට අයත්ය. ඇගේ ව්‍යාපාරය දැන් සාර්ථකත්වය අත්කරගෙන ඇති අතර ඕනෑම වේලාවක පැල 20,000ක තොගයක් ව්‍යාපාරය සතුවේ.
දේවිකා බොහෝ කලක සිට පූජාපිටිය ප්‍රදේශයේ සාම්ප්‍රදායික ව්‍යාපාරයක නිරතවන පවුලක තැනැත්තියකි. නමුත් වර්තමානයේ මෙම ව්‍යාපාරය හා සම්බන්ධ වී සිටින්නේ ප්‍රදේශයේ පවුල් කිහිපයක් පමණි. මුලදී සිය නැන්දනිය යටතේ සේවය කළ නමුත් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙතින් ලබාගත් ණය පහසුකමක් නිසා ඇයට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකි විය. සිය ව්‍යාපාරය සීග්‍රයෙන් දියුණු කරගත් දේවිකා අදවන විටතවත් ගැහැණු ළමයින් 4 දෙනෙකුට රැකියා අවස්ථා ලබාදී තිබේ.ඇයට මංගල උපකරණ සැපයුම්කරුවන් සහ රූපලාවන්‍යාගාර වලින් වැඩි වැඩියෙන් ඇණවුම් ලැබේ. සෑම මසකම ඇය උපයන මුදල විශාල නොවුවත්, එය ඇගේ සැමියාගේ ඉපැයීම් වලට අතිරේක ආදායමකි. දේවිකාගේ ජයග්‍රහණ, ශක්තිමත් ව්‍යාපාරික භාවිතයන් තුලින් ව්‍යවසායකයින් සොයා ගැනීමටත්, උපදේශනය, පෝෂණය හා අඛණ්ඩ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ ජීවිත ඉලක්ක කරා යොමුකිරීමටත්, LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් දරන උත්සාහයේ සාර්ථකත්වයට සාක්ෂි දරයි.